මරන්න එපා නම් ලක්ෂ 15ක් දෙන්න – ජනක රත්නායකගෙන් කප්පම් අරගෙන

  • By editor
  • October 17, 2023
  • 0
  • 129 Views

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඝාතනය නොකිරීම සදහා ඔහුගෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

තමන්ව ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති බවත් එය ඉටු නොකිරීමට නම් රුපියල් ලක්ෂ 15ක් අවශ්‍ය බවත් දන්වා ජනක රත්නායක මහතාට දුරකථන ඇමතුමක් ලැබී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මෙම ඇමතුම ලබා දී ඇත්තේ ඩුබායිහි සැඟව සිටින බ්ලූමැන්ඩල් සංක යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයෙකු බව ද හෙළි වී ඇත.

ඔහු ජනක රත්නායකට සදහන් කර ඇත්තේ තමන්ව ඝාතනය කිරීමට ලක්ෂ 80 කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එය ඉටු නොකිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය බවටය.

පසුව තම කාර්යාලයේ තිබූ මුදලින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ඔහු එම පුද්ගලයන්ට ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *