මර්වින් සිල්වාගේ පුතා නයිට් ක්ල්බ් නඩුවෙන් නිදහස් කරයි

  • By editor
  • March 15, 2024
  • 0
  • 91 Views

2014 වසරේ දී ස්කොට්ලන්ත ජාතිකයකුට හා ඔහුගේ බිරිඳට රාත්‍රී සමාජ ශාලාවකදී පහරදී තුවාල සිදුකළ බව කියන සිද්ධියට අදාළව චෝදනා ලැබූ හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නියම කළේය.

පැමිණිල්ලේ පළමු සාක්ෂිකාර විදේශිකයා නඩු විභාගය සඳහා දිගින් දිගටම අධිකරණයේ පෙනීනොසිටීම හා විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සමීන්ද්‍ර රොද්‍රිගු කරුණු දක්වමින් කියාසිටියේ විදේශිකයාට අදාළ සිතාසිය යවා පණිවුඩය ලබාදීමට තමන්ට නොහැකි වූ බැවින් තවත් දිනයක් දෙන ලෙසය.

පැමිණිල්ල වසර ගණනක් අධිකරණයට නොපැමිණ ඇති බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *