එක්සත් අරාබි එමීර්හි කැපිටල් ඉන්වෙස්මන්ට් ආයතනයට සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බදු පදනම මත ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින මාවුස්සා කැලේ ජලාශය ආසන්න ඉඩමේ ඉඩම් කොටසක් හා ජලාශයේ පිහිටි කුඩා දූපතක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම ව්‍යාපෘතිය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක් යෙදවීමට නියමිත ය.
මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහ විසිනි.