සිය මව විසින් මරා දැමූ ලැගුම්හලක කාමරයක් තුළ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් සිටි දැරියකගේ මළ සිරුරක් කෝපායි පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
පසුගිය 12 වනදා දහවල් කාලයේ දී තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක වසා ඇති කාමරයක් තුළින් දුර්ගන්ධයක් හමන බවට එහි සේවකයෙකු විසින් කෝපායි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී කාමරයේ තිබී මියගිය දැරියගේ මළ සිරුරක් සහ තවත් ඇඳක සිහිසුන්ව සිටි කාන්තාවක් සොයාගෙන ඇත.
මියගොස් සිට ඇත්තේ අවුරුදු 12ක් වූ පල්ලිය පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මියගිය දැරිය මෙම කාන්තාවගේ පළමු විවාහයේ දියණිය බවට අනාවරණය වී තිබේ.
මොවුන් දෙදෙනා පසුගිය සැප්තැම්බර් මස 9 වනදා ලැගුම්හල වෙත පැමිණ ඇති අතර, එහිදී කාන්තාව විසින් ඉන්සියුලින් එන්නතක් ලබාදී, නිදි පෙති 10ක් ලබාදී දැරියව ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෘත ශරීරිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර දැරියගේ පියා වෙත භාර දී තිබේ.
අපරාධයට සම්බන්ධ කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මව විසින් මරා දැමූ දියණියගේ සිරුර ලැගුම්හල් කාමරයක
-
By editor
- September 14, 2023
- 0
- 161 Views
You Might Also Like
-
December 3, 2023
මහවැලි ඉඩම් නෑ හිතවතුනට බෙදන්නට ගිය රොෂාන් රණසිංහ ජනාධිපතිගේ පන්දුවකින් දැවී යයි
-
December 2, 2023
වාහන දුම් සහතික ලංගම යටතට!!
-
December 1, 2023
රොෂාන් රණසිංහට රාජ යෝග ලණුව දුන්නේ මාධ්‍යවේදියෙක්