ශ්‍රී ලංකා මහ බැංකු සුරක්ෂිතාගාරයේ තිබූ මිලියන 05ක මුදලක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් කොටුව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
අධි ආරක්‍ෂිත පද්ධති සහිත සේප්පුව තුළ තැන්පත් කර තිබූ මුදල් මිටි අතුරුදන් වී ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන්.
ඒ සම්බන්ධයෙන් කොටුව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව සඳහන් කළේ ය.