මහින්දගේ දන්සලේ කඩල බෙදුවට විමල් ශශීට දෙහි කපයි

  • By editor
  • May 10, 2023
  • 0
  • 88 Views

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කඩල දන්සැලේ කඩල බෙදන්න විමල් වීරවංශගේ බිරිඳ සහභාගී වී සිටීම පසුගිය දින කිහිපයෙහි මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක්වී තිබිණි.

මේ පිළිබඳව දැඩි කෝපයට පත් විමල් වීරවංශ සිය බිරිඳට දැඩි ලෙස බැන වැදී ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිය හිතවතෙකු සමග අදහස් දක්වමින් වීරවංශ මහතා පවසා ඇත්තේ “මේ ගෑණි මගේ පොතත් කෑවා, ඔක්කොම කෑවා මේ වැඩෙන්” ලෙසටය.

කෙසේවෙතත් ශෂී වීරවංශ මෙහිදී පවසා ඇත්තේ “මම එහේ ගිය එකක් නෑ. මහින්ද ජනාධිපතිතුමාගේ බෞද්ධ කටයුතු ලේකම් රත්නායක අයියා තමයි මාව එතෙන්ට එක්කන් ගියේ. දන්සැලක් නිසා ඉතින් මමත් කඩල බෙදුවා” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *