මහින්දානන්ද ගැන විස්තර සැපයූ මගෙන් රටට සංවිධානයේ සභාපති CID කැදවයි.

  • By editor
  • October 25, 2023
  • 0
  • 238 Views

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇතැයි වාර්තා වේ.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කළ පැමිණිල්ලකට අනුව ලබන 27 වනදා පැමිණෙන ලෙසට මෙම කැදවීම කර තිබේ.

1987 වසරේ දී ද ෆිනෑන්ස් සමාගමේ ව්‍යාපාර ප්‍රවර්ධක ලෙස සේවය කළ මහින්දානන්ද අලුත් ගමගේ මේ වනවිට කෝටි ප්‍රකෝටි ගණනක ධනස්කන්ධයකට උරුමකම් කියන පුද්ගලයෙක් බවට පත්ව ඇති බවත් ඒ සියළු ධනය ඔහු දේශපාලන බලය අවභාවිත කරම්න් වංචනිකව උපයා ඇතිබවත් පවසමින් මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත පසුගිය දා හෙළිදරව්වක් කළේය.

මීට කලකර පෙර මහින්දානන්ද අළුත්ගමගේ විසින් අබන්පොළගේ ආශා විජයන්ති නැමැති කාන්තාවට එරෙහිව කඩුවෙල අධිකරණයේ ගොනුකළ අංක1109/ඩී/12 දරණ නඩුවේ තීන්දුව උපුටාදක්වමින් ඔහු මෙම කරුණු දැක්වීම කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *