මහින්දේ විදුහල්පතිට පහරදුන් සැකකරු සොයයි

  • By editor
  • May 13, 2023
  • 0
  • 226 Views

ගාල්ල මහින්ද විදුහලේ විදුහල්පතිවරයාට තම නිල නිවස ඉදිරිපිටදී නාදුනන පුද්ගලයෙකු විසින් බිම දමා ගෙන පහර දුන් බවට ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

විදුහල්පතිවරයාගේ බිරිඳ අසනීපවීම නිසා අැය කරාපිටිය ශීක්ෂණ රෝහලට ගෙන ගොස් නතර කර ඊයේ රාත්‍රි 11.30 පමන රෝහලෙන් පිටවී නිල නිවස කරා මෝටර් රථයෙන් පැමිණ ඇත.

එසේ පැමිණීමේ දී නිලනිවසේ ගේට්ටුව ඇරීමට යාමේදී නාදුනන පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණ බිම දමාගෙන පහර දී තිබේ.

මේ අතර මෙම පහරදීම සිදු කළ පුද්ගලයා හඳුනා ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *