මහින්ද කහදගම රිමාන්ඩ්

  • By editor
  • June 20, 2023
  • 0
  • 97 Views

කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළ බව කියන පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසමින් මෙම සැකකරු පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන වංචාකර ඇති බවත් පැමිණීලිකරු අවස්ථා දෙකකදී චෙක්පත් සහ මුදල් මගින් මෙම මුදල සැකකරුට ලබාදී ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *