මහේල සහ කුසල් හඩ අවදි කරයි 

  • By editor
  • November 12, 2023
  • 0
  • 208 Views

දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරන ලෙස කිසිදු බලපෑමක් නොතිබුණු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසයි.

අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

එහි දී වැඩිදුටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන,

“දසුන් නායකත්වයෙන් අයින් කරන්න කියලා බලපෑමක් තිබුණේ නැහැ. දසුන් ආබාධායකට ලක්වුණා. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව තමයි ක්‍රියා කළේ.  එයා ගේ පාදයේ ආබාධයක් තිබුණා. ඒකට සුමාන දෙකක් හෝ තුනක කාලයක් යනවා කියලා අපිට වෛද්‍ය උපදෙස් ලැබුණේ. ඉතින් ඒ අනුව තමයි අපිට අපේ කණ්ඩායමේ සංයුතිය හදලා තිබුණේ දසුන් එක්ක. ඒ අනුව 15 සංචිතයෙන් එළියට දාලා චාමික ව ගේන්න වුණා. මොක ද චාමික හිටියේ නැහැ 15 තුන් ඉරියව් ක්‍රීඩකයාව ගේන්න වුණා. නැත්නම් අපිට අර සංයුතිය හදාගන්න බැහැ. ඉතින් ඒ අනුව තමයි ඒ තීරණය ගත්තේ. දසුන් කණ්ඩායම සමඟ තියා ගන්නේ ඔහු හොඳ වුණොත්. අපි කණ්ඩායමේ දැක්ක දෙයක් තමයි කණ්ඩායමේ ආබාධ ගොඩකට ලක්වුණා. ඒ අවස්ථාක දී දසුන් ආයේ හොඳ වුණොත් අපිට ඔහු ව නැවත් අදේශ කිරීමේ හැකියාව තිබෙනවා. ඔහු කණ්ඩායමත් සමඟ පුහුණුවීම්වල නිතර වුණොත් ඒ අනුව තමයි ඒක තීරණය ගත්තේ. ඔහු පුහුණුවීමක් කරද්දි ඒකේ ප්‍රොසෙස් එකක් තියෙනවා දුවන්න පටන් ගන්නේ කවද්ද හීමිට දුවන එක ඊට පස්සේ  එන්න එන්න ඉන්ටන්සිටි එක වැඩි කරලා පුහුණු කරන එක ඒ අනුව තමයි මේවා වුණේ. දවස් 10ක් 12ක් වගේ යද්දි ඔහු පූර්ණ සුවය ලැබුවා පන්දු යවන්න පටන් ගත්තා. මොකද අපිට ට්‍රැවලින් රීසව්ලා දෙන්නෙක් හිටියා. ඔවුනුත් අපිත් එකක් දිගටම පුහුණුවීම්වලට ගියා. පුහුණුවීම් කටයුතුවල යෙදුණා. ඒ අනුව තමයි දසුන් ව අපි තියාගත්තේ වෙන අරමුණක් තිබුණේ නැහැ. මොකද අපි බලන්නේ කණ්ඩායමේ ඉන්න හැම ක්‍රීඩකයම ඒ අනුව ඒකට යොදාගන්න.”

මේ අතර තරග පරාජය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ගෙන් සමාව ඉල්ලා සිටින අතර, පරාජයන්වලට කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමක් හේතු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ද එහිදී අදහස් දක්වමින් පැවසීය. 

ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය තරග 09න් ජයගැනීමට සමත් වූයේ තරග දෙකක් පමණි.

කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක පළමු තරග දෙකෙන් පසු ආබාධයට ලක් වූ අතර, අනතුරු ව කුසල් මෙන්ඩිස් යටතේ කණ්ඩායම ක්‍රීඩා කළේය.

තරගාවලිය මුළුල්ලේ අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා ක්‍රිඩකයන් ආබාධයන්ට ලක් වූ අතර, අතිරේක ක්‍රීඩකයන් කණ්ඩායමට රැගෙන ඒමට සිදු විණි.

තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වීමේ ප්‍රතිඵලය වූයේ, 2025 වසරේ පැවැත්වීමට නියමිත ශූරයන් ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් ශ්‍රී ලංකාවට අහිමි වීමය.

ඒ අනුව මෙවර කුසලානයේ පළමු වටයෙන්ම ඉවතට විසි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා අලුයම යළි දිවයිනට පැමිණි අතර, ඔවුන් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *