පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
2024 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය අනතුරුව මෙම තීරණය ගන්නා බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා වේ.
ඊට හේතුව වී ඇත්තේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව දෙසැම්බර් මස 31 වන දාට පළමුව මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වීම බව ද වාර්තා වේ.