මළගෙදරට යතුරුපැදි සංදර්ශන එපා කිවුවාට තිදරු පියාට වටවෙලා ගහලා

  • By editor
  • August 10, 2023
  • 0
  • 150 Views

වාද්දූව ප්‍රදේශයේ යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමඟුල් පෙරහැරක අනතුරුදායක ආකාරයෙන් යතුරුපැදි සංදර්ශන සිදුකරමින් තරුණයින් පිරිසක් ගමන් කර තිබේ.

ඔවුන් මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට යැයි පවසමින් යතුරුපැදි 30ක පමණ පෙළපාලියකින් පැමිණ තනි රෝදයෙන් සංදර්ශනයක් ඉදිරිපත් කර තිබේ.

එම අවස්ථාවේ දී එහි සිටි තිදරු පියෙක් එයට විරෝධතාව පළ කළ නිසා උරණවූ තරුණයන් තිහකට ආසන්න පිරිසක් ඔහුට අතින් පයින් සහ හෙල්මට්වලින් පහරදී ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වාද්දුව පොලීසිය සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *