මාණ්ඩළික ප්‍රධානීයෙක් නැතිව යුධ හමුදාවේ කටයුතු අවුල් වෙයි

  • By editor
  • November 22, 2023
  • 0
  • 198 Views

මාස එකහමාරකට වැඩි කාලයක් යුද හමුදාවේ දෙවැනි පුටුව නොහොත් මාණ්ඩලික ප්‍රධානී ධූරය පුරප්පාඩුව තිබියදී යුද හමුදාපතිවරයා, යුද හමුදාව ”මස්සිනාකරණයට” ලක් කර ඇති බව යුද හමුදා මූලස්ථාන ආරංචිමාර්ග සදහන් කරයි.

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරය දැරූ මේජර් ජනරාල් සංජය වනසිංහ විශ්‍රාම යාමෙන් පසුව මේ දක්වා එම පුරප්පාඩුව නොපිරවීම හේතුවෙන් යුද හමුදාවේ පරිපාලන ගැටලු රැසක් උද්ගතවී තිබේ. ඊට හේතුවී ඇත්තේ යුද හමුදාවේ පරිපාලන කටයුතු සියල්ල මාණ්ඩලික ප්‍රධානීධූරය දරන්නාගේ විශය පථයට අයත්ව තිබීම නිසාය. 

මේ වන විට යුද හමුදාවේ දෙවැනි පුටුව හිස්ව තිබෙන අතර යුද හමුදාපති ලුතිනල් ජනරාල් විකුම් ලියන්ගේ විසින් එම ධූරයේ වැඩ බැලීම සදහා “වෙන්න මස්සිනා” වන බවට සඳහන් සිංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල්වරයෙකු පත් කර තිබේ.

එවැනි පත්කිරීමක් කිරීමට යුද හමුදාපතිවරයාට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව හමුදා ආරංචිමාර්ග සදහන් කරයි.

යුද හමුදාපතිවරයාගේ පුතා විවාහ වීමට නියමිතව සිටින්නේ සිංහ රෙජිමේන්තුවට අයත් මෙම මේජර් ජනරාල්වරයාගේ දියණිය සමගය. ඔහු සති අන්තයේ මධු පානය කිරීම සඳහා අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයට පැමිණෙන බව සදහන්ය. 

මේ වන විට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකධූරය දරන මේජර් ජනරාල් රවි හේරත්ද යුද හමුදාපතිවරයාගේ මස්සිනාවරයෙකි. 

යුද හමුදාපතිවරයා මාධ්‍යවේදීන් වෙනුවෙන් මීට ඉහතදී පැවැත්වූ මධු පැන් සාදයේදී  බමන මතින් යුද හමුදාපතිවරයා හැසිරුණ ආකාරය වැලැක්වීමට ඔහුට උපදෙස් දෙන ලෙස ද මාධ්‍යවේදීන් හමුදා ප්‍රකාශකවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි. 

එහිදී හමුදා ප්‍රකාශකවරයා පවසා තිබුණේ යුද හමුදාපතිවරයා තම ඥාතියෙකු වුවත් එවැනි සිද්ධියකට මැදිහත්වීමට තමාට හැකියාවක් නොමැති බවය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *