මාතර නිල්වලා ගඟේ ද්‍රෝණිය අවට පහත්බිම්වල තවදුරටත් ගංවතුර පවතින අතර ඉදිරියේ දී නිල්වලා ගඟේ ගංවතුර තත්වය වැඩි වී ආරක්ෂක බැමි වලින් හා ඇතැම් ස්ථානවලින් ජලය උතුරායෑමේ අවදානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා ඇත.
එමෙන්ම මාතර දිස්ත්‍රික්කයට ඉදිරියේ දී මිමී 100 වඩා අධික වැසි අපේක්ෂා කළ හැකි බව කාළගුණ වාර්තා සදහන් කර සිටී.
ඒ අනුව අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවත් ඒ හරහා ගමනාගමනය කරනු ලබන රියදුරන්ට ද අවධානයෙන් සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී තිබේ.