මාතර මහ රෝහලට ගෙනා CT ස්කෑන් යන්ත්‍රය මාස ගණනක් ගුවන්තොටුපළේ

  • By editor
  • February 19, 2024
  • 0
  • 67 Views

මෙරටට ආනයනය කරන ලද CT ස්කෑන් යන්ත්‍රය මාස දෙකකට අධික කාලයක් පුරා කටුනායක ගුවන්තොටු‍පොළේ බහාලුම් අංගනයේ තබා ඇති බව වාර්තා වේ.

මාතර මහරෝහල වෙනුවෙන් ආනයනය කරන ලද එය නිදහස් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ‍මෙතෙක් කිසිදු පියවරක් ‍ගෙන නොමැති බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සදහන් කරයි.

මෙවැනි යන්ත්‍ර විශේෂිත උෂ්ණත්ව සහ ආර්ද්‍රතා තත්ත්ව යටතේ ගබඩා කළ යුතු වුවත් දැනට ගුවන් තොටුපොළ ගබඩාවල එවැනි තත්ත්වයක් තිබෙනවාද යන්න ප්‍රශ්න සහගත එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි. 

ඔහු පැවසුවේ මෙවැනි තත්ත්වක් හමුවේ ඉදිරියේදී යන්ත්‍රයේ යහපත් ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවිය හැකි බවය.

එසේම මේ වනවිට ගුදම් ගාස්තු ලෙස ද රුපියල් මිලියන 2කට ආසන්න මුදලක් නියම වී ඇති අතර ගුවන්තොටුපොළේ ගබඩාවෙන් මෙම බහාලුම් ඉක්මනින් නිදහස් කර නොගන්නේ නම් ඉදිරියේදී මෙම බහාලුම් විනාශ කිරීමට හෝ වෙන්දේසි කිරීමට සිදුවන බවද දන්වා ඇත.

මේ වන විට මාතර මහ රෝහලේ තිබෙන CT ස්කෑන් යන්ත්‍රය වසර 18 ක් පැරණි හෙයින් දිගින් දිගටම බිඳ වැටීම් සහිතව සීමාසහිත පරීක්ෂණ සංඛ්‍යාවක් පමණක් සිදුකරන බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *