මාතර රාජපක්ෂ විද්‍යාලයේ ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය

  • By editor
  • September 19, 2023
  • 0
  • 252 Views

මාතර රාජපක්ෂ විද්‍යාලයේ ඉදිකර තිබූ කාමරයක සිවිලිමේ සඟවා තිබී ගිනිඅවියක්, උණ්ඩ තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ එම පාසල තුළ ඉදිකර තිබූ එම කාමරය භාවිතයට නොගන්නා එකක් බවය.

එහිදී සිවිලිමේ තිබී ටී 56 උණ්ඩ 20ක්, මි.මී.3.2 උණ්ඩ 24ක්, මි.මී. 9 උණ්ඩ 107ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමට සමත්ව ඇත.

එසේම වැඩිදුර සෝදිසි කිරීමේදී එහි තිබී TNT බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 194ක් සමග සේවා නූල් කිහිපයක්ද සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *