මාධ්‍ය ආයතන කිහිපයක් අපේ නිවුස් හොරකම් කරනවා – ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් චෝදනාවක්

  • By editor
  • January 21, 2024
  • 0
  • 154 Views

රටේ පවතින වත්මන් තත්වය තුළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත් ඊට හේතුව වන්නේ ඇතැම් මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති සොරකම් කිරීම නිසා බවත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහන් කර තිබේ.

දඹුල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදී කාංචන කුමාර අරියදාස මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ ඇතැම් මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් කිසිදු මුදලක් නොගෙවන බවත් වෙනත් මාධ්‍ය ආයතන මගින් ප්‍රවෘත්ති සොරකම් කරන බවත් ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානය කෙරුණු වැඩමුළුවක දී එම දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ දී හෙතෙම මෙම අදහස් පළකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *