මානව හිමිකම් කොමිසමේ ලොක්කි ඒකාධිපතියෙක් වෙලා – ඇතුලේ ලොකු කඹ ඇදිල්ලක්

  • By editor
  • April 8, 2023
  • 0
  • 85 Views

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය කොමිෂන් සභා පනත් වලට පටහැණිව ක්‍රියා කිරීම හේතුවෙන් කොමිෂන් සභාවේ තීරණ ගැනීමට අපහසු වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් වන පූජ්‍ය කලුපහනේ පියරතන හිමි, විජිත නානයක්කාර, නිමල් කරුණාසිරි විසින් ජනාධිපති වෙත ලිපියක් මගින් මේ බව දන්වා තිබේ.

එමෙන්ම සභාපතිනිය විසින් තම පෞද්ගලික අභිමතය පරිදි කොමිෂමේ තීරණ නොසලකා හරින බවත් ඉකුත් පෙබරවාරි 28 වන දින කොමිසම විසින් යෝජනා කරනු ලැබූ කිසිදු තීරණයක් ඇය විසින් අනුමත නොකළ බවත් එමගින් වැඩිදුරටත් දන්වා ඇත.

තවද මින් ඉදිරියට සභාපතිනිය කොමිසමට අනුව ක්‍රියා නොකරන්නේ නම් කිසිදු තීන්දුවකට ඔවුන් ද අනුමැතිය ලබා නොදෙන බවත් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *