මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන සහ පුද්ගලයින්ට අවහිරවන අයුරින් නොසැලකිළිමත් ලෙස රථ වාහන නවතා තැබීමේ දී එම රථ වාහන රැගෙන යාමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කර තිබේ.
ඒ, අනුව අදාළ රථ වාහන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු සදහන් කළේය.
එමෙන්ම එලෙස වාහනය රැගෙන යාමේ දී පොලිසියට දැරීමට සිදුවන වියදම ද අදාළ රථයේ හිමිකරුට ගෙවීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.