ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ලකුණු අතරට නොපැමිණෙන්නේ නම් ප්‍රශ්නයක් ඇති බව හිටපු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කරයි.
එමෙන්ම එය පිතිකරු අංශයේ ලොකුම අඩුපාඩුවක් විදිහට තමන් දකින බවත් ඔහුගේ කණ්ඩායමේ ස්ථානය පිළිබඳ ගැටලුවක් ඇති වීමේ ඉඩක් ඇති බවත් මාලිංග පෙන්වා දෙයි.
පසුගිය දිනවල පැවති තරග වලදී ඔහු නිසි දස්කම් නොපෙන්වූ බවත් සදහන් කල මාලිංග,
නායකයා වූ පමණින් කණ්ඩායමේ රැඳීමට හැකියාවක් නැති බවත් කණ්ඩායමේ රැදෙන්නේ හැකියාව දක්ෂතාවය මත පමණක් බවත් පැවැසීය.