ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන මෙහෙයුම් කමිටුවක් සැකසීමේ මූලික සාකච්ඡාවක් ආණ්ඩුව නියෝජනය කරනු ලබන නායකයන්ගේ සහ කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම එක් එක් පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා ජනාධිපති සමග පවත්වා ඇත.
මෙම විශේෂ සාකච්ඡාවට ජනාධිපතිවරයා සමඟ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ද එක්ව සිට ඇත.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ සෙසු දේශපාලන සංවිධාන මනා සම්බන්ධීකරණයකින් එක් අරමුණක් ඔස්සේ ක්‍රියා කළ යුතු බව මෙම හමුවේදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
එහිදී පොහොට්ටුව නියෝජනය කරන පක්ෂ කණ්ඩායම වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කර ඇත්තේ මෙවන් මෙහෙයුම් කමිටුවක් අරඹන්නේ නම් ඒ ගැන මුලින්ම ඒ ඒ පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවයි.
සභානායක සුසිල් ප්‍රේමජයන්ත ද එම අදහස අනුමත කර තිබේ.