මැතිවරණයක් ඉල්ලා රට අවුල් කරන්නට යාම නිළධාරීන්ගේ කුමන්ත්‍රණයක් බව හෙළි වෙයි.

  • By editor
  • December 11, 2023
  • 0
  • 165 Views

2022 ජූලි මස 21 වන දා වත්මන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ වැඩ භාරගෙන තෙමසක් ගතවීමට මත්තෙන් විපක්ෂය මැතිවරණයක් ඉල්ලා කළ දැඩි බලපෑම පිටුපස බරපතල දේශපාලන කුමන්ත්‍රණයක් පැවති බව මේ වන විට අනාවරණය වෙමින් පවතී .

ඉතා දිගු කලක් එකම අමාත්‍යංශයේ කටයුතු කරමින් විවිධාකාර දූෂණ සහ අක්‍රමිකතා රැසකට සම්බන්ධ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු නිළධාරීන් කිහිපදෙනෙක් විසින් දියත් කරනා ලද මේ කුමන්ත්‍රණය පිටුපස ජනාධිපතිවරයාට ඉතාමත් සමීප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිටිනා බවට ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ලැබී ලැබී ඇති බව වාර්තාවේ. 

ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙම ජාවාරම්කාර නිළධාරින් විසින් ඉතාම රහසිගතව සිදුකළ මෙම කුමන්ත්‍රණයේ අරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයෙන් නෙරපා සිය ජාවාරම් සහ දූෂිත ක්‍රියා අඛණ්ඩව කරගෙන යාම බව වාර්තා වෙයි. කෙසේ වෙතත ජනධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුරයේ කටයුතු සාර්ථකව සිදුකරමින් ආර්ථිකය නගා සිටවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දිනාගැනිමට සමත් වීම නිසා මෙම නිළධාරීන් ගෙන ගිය කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළට ජනතා සහය හිමිවූයේ නැත . 

ජනධිපතිවරයා මැතිවරණයක් නොපවත්වනු ඇති බවට මෙම කණ්ඩායම සමාජ ගතකළ මතයට ජනතා සහය හිමි නොවූ සේම පසුගිය ඔක්තෝබර් මස 21 වන දා  සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ Smart Country මහා සම්මේලනය අමතමින් ජනධිපතිවරයා පවත්වන ලද කථාවේදී 2024 වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවත්, ඉන්පසුව මහා මැතිවරණය පවත්වන බවත් පැවසීමත් නිසා එම මතයට පැවැත්මක් නැතිව තැනට පත් විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *