මැතිවරණයට ඉල්ලුම් කළ රාජ්‍ය සේවකයින්ට සුබ පණිවුඩයක් 

  • By editor
  • November 30, 2023
  • 0
  • 73 Views

පළාත් පාලන මැතිවරණය සදහා ඉල්ලුම්කළ රාජ්‍ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ දැනට අභියාචනා ඉදිරිපත් කර ඇති සියලු රාජ්‍ය සේවකයින්ට මෙමගින් පෙර සේවය කළ ස්ථානයටම ස්ථාන මාරු හිමිවන ඇති බවය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *