ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් 50000 සිට ලක්ෂ 26 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.
එසේම ස්වාධීන අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු ඇප මුදල ලක්ෂ 31 දක්වා ද ඉහළ දමා තිබේ. මීට පෙර ඒ සදහා රුපියල් 75,000 ක මුදලක් අය කර තිබුණි.
මෙකී මුදල් වැඩිකිරීම පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන් සදහා ද නියම කිරීමට නියමිතය.