මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ජනාධිපති අගමැතිට හොරෙන් කමිටුවක් පත්කරලා

  • By editor
  • October 27, 2023
  • 0
  • 65 Views

පාර්ලිම්මේන්තු  මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීම සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය වර්ජනය කර ඇත.

එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය ලබාදෙන සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයන් වන රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඊට සහභාගීවීම විශේෂත්වයක් විය.

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙම රැස්වීම වර්ජනය කර ඇත්තේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව පිළිබද අවිශ්වාසයක් ඇති බව ප්‍රකාශ කරමිනි. පොරොන්දුවූ පරිදි මැතිවරණ පවත්වන්නේ නම් තමන් මෙම සාකච්ඡාවලට සහබාගී වන බව එම පක්ෂ නායකයින් දැනුම්දී තිබුණි. 

මෙම සාකච්ඡාව පැවැත්වෙන අතරතුරරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හිටපු විනිසුරුවරයෙක් වන ප්‍රියසාද් ඩෙප් ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇති බවයි

එහෙත් එම කමිටුව පිළිබදව මුලසුනේ සිටි අගමැති දිනේෂ් ගුණවර්ධන හෝ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ කිසිවක් නොදන්නා බව ප්‍රකශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *