මැයි 9 රටම ගිනි ගත්තේ දේශබන්දු හා ජගත්ගේ වරදින්

  • By editor
  • March 25, 2023
  • 0
  • 211 Views

මැයි නවවැනිදා රට පුරා උද්ගත වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වලට මූලික හේතුව අරලියගහ මැදුරට රැස් වූ ආධාරකරැවන්ට ගාලු මුවදොර පිටියට යාමට ඉඩ දීම බව මේ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනපති විසින් පත්කරන ලද කරන්නාගොඩ කමිටු වාර්තාවේ සඳහන් වෙි.
ගෝඨාභය රාජපක්ෂ ජනපතිව සිටි අවදියේ පත්කළ මෙම කමිටුවේ සභාපති ධුරය අද්මිරාල් ඹෆ් ද ෆීලිට් වසන්න කරන්නාගොඩ දැරැ අතර .මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් රොෂාන් ගූණතිලක හා විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සෙසු සාමාජිකයෝ වුහ.
මැයි නවවැනිදා පොහොට්ටුවේ ආධාරකරැවන් අරලියගහ මැදුරේ සිට ගාලුමුවදොරට යන්න හදන බව කොටුවේ රජගෙදර සිටි ජනපති ගෝඨාභය රාජපක්ෂ දැනගත් විගසම එය වහාම නතර කරන ලෙස ඔහු පොලිස්පතිට දැනුම් දුන්නේ තමා ඉදිරියේ බව රමේෂ් පතිරණ ඇමැතිවරයා පවසා තිබුණි .
ඒ අතරේ ජනපතිවරයාගේ උපදෙස් පරිදි යුද හමුදාපති ජෙනරාල් ශවීන්දා සිල්වා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අමතා හමුදා ආරක්ෂාව අවශ්‍යදැයි අසා ඇත.ඊට ප්‍රතිචාර දැක්වු දේශබන්දු තෙන්නකෝන් “හමුදාව ඕනේ නෑ සර්.මම ගෝල්ෆේස් වටරවුමෙන් එහාට කාටවත් යන්න දෙන්නේ නැ ” කියමින් සහතික වී තිබේ.
කෙසේනමුදු පොහොට්ටුවේ ආධාරකරැවන් ගෝල්ෆේස් වටරවුමෙන් ඉදිරියට ගමන් කරද්දී පොලීසිය ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.
එය සජීවිව රැපවාහිනියෙන් දුටු යුද හමුදාපති නැවත දේශබන්දු තෙන්නකෝන් අමතා ප්‍රචණ්ඩකාරීන්ට යාමට ඉඩදුන්නේ ඇයිදැයි විමසා තිබේ. ” මට කරන්න දෙයක් නෑ සර් ජෙනරාල් ජගත් අල්විස් මට කතාකරලා එයාලට යන්න ඉඩදෙන්න කීවා ” යනුවෙන් පවසා තිබේ. දේශබන්දු තෙන්නකෝන් කී ජගත් අල්විස් වුකලී පොලීසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ය. ගෝඨාභය රාජපක්ෂ ගජබා රෙජිමෙින්තුවේ රාජකාරි කරන කාලේ ඔහු යටතේ ජගත් අල්විස් සේවය කළ අයෙකි. මහින්ද රාජපක්ෂ ජනපති ධුරය දැරැ කාලේ ජනපති ආරක්ෂක බළසේනාධිති ධුරය දැරැවේ එකල මේජර් ජෙනරාල්වරයකු වු ජගත් අල්විස් ය.
ගෝඨාභය සිය පැරැණි ගෝලයා පොලීසිය භාර ලේකම් කළමුත් තීරණාත්මක මොහොතේදී ඔහුත් දේශබන්දු තෙන්නකෝනුත් පිළිගත්තේ ජනාධිපති ගේ උපදෙස් නොවේ. ඔවුන් දෙදෙනා පිළිගත්තේ අරලියගහ මැදුරේන් ලද උපදෙස් බවත් මේ නිසා රටපුරා මහා විනාශයට පාර කැපු බව පැහැදිලිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *