මිග් යානා ගණුදෙනුවේ සැකකාර උදයංග වීරතුංග අධිකරණයට දුක කියයි

  • By editor
  • September 13, 2023
  • 0
  • 275 Views

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 යානා මිල දී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 14 ක ට ආසන්න මුදලක ව‍ංචාවක් සිදු වූ බව කියන සිද්ධියට අදාළ සැකකරු වන උදයංග වීරතුංග මේ වනවිට ආර්ථික අපහසුතා වලින් පෙලෙන බවට කොළඹ මහාධිකරණයේ දී කරුණු අනාවරණය විය.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ මෝෂමක් ගොනු කරමින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා විසින් අධිකරණයේ කරුණු දක්වනු ලැබිණි.

2015 වසරේ සිට මේ දක්වා උදයංග වීරතුංගට අයත් සියලුම බැංකු ගිණුම් අත්හිටුවීමට අධිකරණ නියෝග ලබා දී තිබූ බවත් ඒ හේතුවෙන් මේ වනවිට ඔහු ආර්ථික අපහසුතා වලින් පෙළෙන බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා ද විශාල මුදලක් වැය වන බැවින් ඔහුට අයත් ගිණුම් දෙකක අත්හිටුවීම ඉවත් කරන ලෙස අධිකරණයෙක් ඉල්ලීමක් කළේය.

එම ගිණුම් දෙකෙහි ඇති මුදල් ඔහු තානාපතිවරයකු ලෙස සේවය කරද්දි උපයාගෙන ඇති මුදල් බවත් නීතිඥ අනිල් සිල්වා අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසෙවෙතත් කරුණු සළකා බැලූ විනිසුරු සදහන් කළේ මේ සදහා නීතිපතිවරයාගේ ස්ථාවරය අවශ්‍ය බැවින් අද දිනයේ නඩුව නැවත කැදවීමට අවශ්‍ය බවය.

ඒ අනුව අද දිනයේ නීතිපතිවරයාගේ ස්ථාවර දැනගැනීමට මෙම නඩුව කොළඹ මහාධිකරණයේ නැවත කැදවෙනු ඇත.

එසේම මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තවමත් විභාග වෙමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *