මින් පසු පාර්ලිමේන්තුවට එළු මස් නෑ

  • By editor
  • April 24, 2023
  • 0
  • 126 Views

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුළු අමුත්තන්ගේ දිවා ආහාර වේලට ලබා දෙන එළු මස් ව්‍යංජනය නතර කරන ලෙස පාර්ලිමේන්තු බලධාරීන් ආපනශාලා අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

අධික මිල ගණන් හේතුවෙන් එළු මස් සැපයීම මෙසේ නතර කිරීමට හේතුව වී තිබේ.

මේ අතර පාර්ලිමේන්තු දිවා ආහාර වේලට ඇතුළත් කෙරුණු ආහාර වර්ගයන් ද අධික මිල ගණන් හේතුවෙන් අඩු කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

පාර්ලිමේන්තුවේ ආහාර සඳහා වාර්ෂිකව වැය කරෙන මුදල රුපියල් කෝටි 12 කට ආසන්නය. එසේම පාර්ලිමේන්තුව දිනක් රැස් කිරීම වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවන බව ගණන් බලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *