මිහින්‍තලා නාහිමිගේ ‘රට හදන මග’ එළිදැක්වේ

  • By editor
  • October 9, 2023
  • 0
  • 184 Views

⁣ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව විසින් ‘රට හදන මග’ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 14 වනදා මිහින්තලා රජමහා විහාරස්ථානයේ දී එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

මේ පිළිබඳ මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් දැනුවත් කිරීම සදහා එම භික්ෂු එකමුතුවේ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණාවේ ධර්මරතන හිමි ඇතුළු භික්ෂු පිරිසක් කටයුතු කළහ.

රටෙහි පවතින වත්මන් තත්වය පිළිබඳ සහ නැවතත් ජනතාව අසීරු තත්ත්වයන්ට මුහුණ දීම පිළිබඳ නව කතිකාවක් ඇති කිරීම මෙහි මූලික අභිප්‍රාය බව ද එම අවස්ථාවේදී උන්වහන්සේලා මහනාහිමිවරුන්ට පෙන්වා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *