මිහින්තලා පුදබිමේ සියලුම ආරක්ෂක නිලධාරීන් ඉවතට 

  • By editor
  • December 10, 2023
  • 0
  • 67 Views

මිහින්තලා පූජා භූමියේ සිටින රඳවා සිටින සියලුම ආරක්ෂක හමුදා සෙබලුන් අද දිනයේ සිට ඉවත් කර ගැනීමට තීරණය කළ බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා සදහන් කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සදහන් කළේ ඔහු සදහන් කළේ මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවය.

මිහින්තලා පූජා භූමියේ හමුදා සෙබළුන් රැඳවීම නිසා තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි උන්වහන්සේ පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියහ.

රට පුරා ආගමික ස්ථාන, සංචාරක ආරක්ෂාව ඇතුළු ආවේක්ෂණ කටයුතු සඳහා ආරක්ෂක නිලධාරීන් සිවිල් ඇඳුමින් යෙදවීම සාමාන්‍ය දෙයක් බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මිහින්තලා පුදබිමේ එසේ සිවිල් ඇඳුමින් සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙෙනකුට චෝදනා එල්ල කර ඇතැයිද පැවසූ ඔහු මිහින්තලා පූජා බිමේ මෙතෙක් රඳවා සිටි නාවික හමුදාව යුද හමුදා හා සිවිල් ආරක්ෂක බලකා බට සියළු දෙනා ඉවත් කරන බවත් පැවසීය.

එසේම හමුදා නිලධාරීන්ට ද ආත්ම ගරුත්වයක් ඇති බවත් මෙතෙක් මිහින්තලා පුදබිමේ සියලුම පිරිසිදු කිරීමේ කටයුතු සහ ආරක්ෂක කටයුතු සිදුකළේ ආරක්ෂක නිලධාරීන් බවත් හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *