මිහින්තලා හිමිගේ ප්‍රේමසබදතා තුනක් ගැන අරගලයේ නියමුවෝ හෙළිකරයි 

  • By editor
  • December 14, 2023
  • 0
  • 232 Views

මහින්ද රාජපක්ෂ පාලන සමයේ පන්සල් වලට ආරක්ෂාව ලබා දුන්නේ ජනතාවගේ ඡන්දය ලබාගැනීමේ අරමුණෙන් බව අරගලයේ නියමුවෝ සංවිධානය සදහන් කළහ.

එසේම හාමුදුරුවෝ රකින්න ආරක්ෂක නිලධාරීන් 100ක් කෙසේවත් අවශ්‍ය නොවන බව ද එම සංවිධානය පෙන්වා දුන්නේය. එම නිසා මිහින්තලා හිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය දා දැඩි ලෙස කතා බහට ලක්වීම උන්වහන්සේගේ දේශපාලන උපක්‍රමයක් නම් එය වහාම නවත්වන ලෙස ද එම සංවිධානයේ ප්‍රදීප් චාර්ල්ස් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමිගෙන් ඉල්ලා සිටියේය.

රට මේ වනවිට නිවැරැදි ගමන් මගක ගමන් කරමින් සිටින බැවින් එය කඩාකප්පල් කරමින් තමන් කැමති දේශපාලන පක්ෂය රජකරවීමට දරන උත්සාහය ද හකුලා ගන්නා ලෙසද ඔහු සදහන් කළේය.

එසේම මේ දිනවල මිහින්තලා නාහිමිගේ කාන්තාවන් තිදෙනෙක් සමග ඇතිකරගෙන තිබෙන ප්‍රේමසබදතා පිළිබඳ තොරතුරු ද එළියට පැමිණ තිබෙන බව ද හෙළිදරව් කළේය.

එම නිසා එවන් ප්‍රශ්න තිබියදී තම පුද්ගලික ප්‍රශ්න ජාතික ප්‍රශ්න බවට පත් කිරීමට කටයුතු නොකරන ලෙස ද එම සංවිධානය මිහින්තලා නාහිමිගෙන් ඉල්ලා සිටියහ.

කෙසෙවෙතත් මේ දිනවල බඩු භාණ්ඩ මිල ඉහළ ගිය ද ඉදිරියේ දී මිල අඩු වී අංග සම්පූර්ණ රටක් බිහිවනු ඇති බව ද වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *