මිහින්තලා හිමි ගැට ගැසූ පිරිත් නූල අනුර කුමාර එම අවස්ථාවේදී විසිකරලා – මිහින්තලා හිමි අනුර කුමාර පතුරු ගහයි

  • By editor
  • December 14, 2023
  • 0
  • 128 Views

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතාගේ අතේ තමන් විසින් පිරිත් නූලක් ගෙට ගැසූ බවත් එම පිරිත් නූල පන්සලෙන් එළියට බහින විටම ඔහු ගලවා විසි කළ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ සදහන් කළහ.

අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.

එම සිදුවීම සිදු වූයේ අනුර දිසානායක මහතා පක්ෂයේ නායකත්වයට පත්වූ දිනවල මිහින්තලේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ බව ද උන්වහන්සේ සිහිපත් කළහ.

ආවාසයෙන් එළියට බහින ගමන්ම පිරිත් නූල ගලවා විසි කරනු එහි සිටි පිරිස් දැක තමන් වහන්සේට දැනුම් දුන් බවද උන්වහන්සේ පැවසූහ.

එවිට තමන් වහන්සේ “‘ඕකුන්ගේ හැටි ඔහොම තමයි. ඕකුන් මිත්‍යා දෘෂ්ටිකයෝ. ඕකුන්ට ආගමක් දහමක් නෑ. එච්චර ගණන් ගන්න එපා’ යැයි ඔවුන්ට පැවසු බවද සදහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *