මීගමුව ඇවෙන්රා  ගාර්ඩ්න් හෝටලයට සීල් – ඔත්තුව ප්‍රසිද්ධ දේශපාලකයින්ගෙන්

  • By editor
  • December 24, 2023
  • 0
  • 216 Views

මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් වන ඇවෙන්රා  ගාර්ඩ්න් (Avenra Garden) හෝටලයට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නඩු 03ක් පවරා ඇති බවට වාර්තා වේ.


ඊට හේතුව මුළුතැන්ගෙය ඉතා අපිරිසිදුව පවත්වාගෙනයාම බවත් එම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එයට සීල් තබා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

එසේම ලබන ජනවාරි 02 වැනිදා අදාළ නඩු අධිකරණයේ කැඳවීමට නියමිත බවද වාර්තා වේ.

ඊයේ 11.45 ට පමණ මෙම හෝටලයේ පිවිසුම් දොරටුව හදිස්සියේම වසා දමා තිබීමත් සමඟ මේ පිළිබඳ අනාවරණය වී තිබේ.

මෙම හෝටලයේ අධිශිතකරණවල සහ ශිතකරන වල පිසිමට ගන්නා මස් මාලු ගබඩා කර තිබී ඇත්තේද කිසිදු ප්‍රමිතියකින් තොරව එන අතර පිසින ලද ආහාරද මේ සමගින් ශිතකරණවල ගබඩා කර තිබී ඇත. එමෙන්ම එහි තිබු පානිය ජල බෝතල් පවා කල්ඉකුත්වු ඒවා බවද වාර්තා වේ.

මේ අතර, හදිස්සියේ සිදු කළ මේ වැටලීම පිටුපස මීගමුවේ ප්‍රසිද්ධ දේශපාලඥයකු සිටින බවට ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කලින් ක්‍රීඩා අභ්‍යාස ගුරුවරයෙකුව සිට පසුව ප්‍රකෝටිපතියෙක් වූ ධනේෂ් ද සිල්වා මහතා මෙහි හිමිකරු වේ.

මෙම හෝටලය මහත් ප්‍රසිද්ධියට පත් වූයේ වසර ගණනාවක් පුරා රංගන හා ගායක තරු පිරිවරා සිදු කළ නත්තල් සාදය නිසා බව බොහෝ දෙනා සදහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *