හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු මුදල් කමිටු රැස්වීමේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අදහස් දැක්වීම තහනම් කර ඇත.
ඒ අනුව මුදල් කමිටුවට නිරීක්ෂකයකු වශයෙන් විපක්ෂ නායකවරයා සහභාගි වුවත් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සිදුව තිබේ.
පැවති මුදල් කමිටු රැස්වීමට සජිත් ප්‍රේමදාස සහභාගී වී සැලසුම් කර ඇත්තේ ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සේවක අර්ථසාධක අරමුදල්වලට සිදුවන හානිය පිළිබඳ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කිරීමටය.
කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මුදල් කමිටු සාමාජිකයෙක් නොවීම හේතුවෙන් ඊට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එරෙහි වී ඇති අතර පසුව ඒ පිළිබද චන්ද විමසීමක් පවත්වා තිබේ.
එහිදී විපක්ෂනායකවරයා කමිටුවට සහභාගි වී අදහස් ප්‍රකාශ කිරීමට එරෙහිව ඡන්ද 10කුත්, කමිටුවට සහභාගි වී අදහස් ප්‍රකාශ කිරීමට පක්ෂව ඡන්ද 06කුත් ලැබී තිබෙන බව අනාවරණය වේ.
ඒ අනුව විපක්ෂනායක වරයාට මුදල් කමිටුවට සහභාගී වුවත් අදහස් ප්‍රකාශ කිරීමට තහනම් වී ඇත.