මුලතිව් හිටපු දිසා විනිසුරු ටී.සරවණරාජා විදේශගත වීමේ දී කෙන්යාවේ සිට ගුවන් ටිකට් පත් ලැබී ඇති බව පරීක්ෂණ වල දී අනාවරණය වී තිබේ.සජා ගුවන්තොටුපළ හරහා නයිරොබ් නුවරට යාම සදහා ගුවන් ටිකට් පත් වෙන්කර ඇත්තේ එයාර් ඇරබියන් ගුවන් සේවයෙනි.
එහෙත් විනිසුරුවරයා සජා ගුවන්තොටුපලේ සිට නයිරොබ් නුවරට ගොස් නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන වල දී අනාවරණය වී තිබේ.
මෙම විනිසුරුවරයා සැප්තැම්බර් 14 වනදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසමට ලබා දී තිබුණි. එදිනම ඔහුට ගුවන් ටිකට් පතක් ද ලැබී ඇති අතර එය ප්‍රශ්නයක් බව පරීක්ෂණ කණ්ඩායම් පවසති.
මේ අතර අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විනිසුරුවරයා විදේශගත වීමට ප්‍රථම තානාපති නිලධාරීන් දෙදෙනෙකු හමු වී ඇති බවයි.
කෙසෙවෙතත් විනිසුරුවරයාගේ බිරිද විසින් අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සදහන් කර සිටියේ ඔහු තමන්ට නිරන්තරයෙන් හිංසා සිදුකරන බව ය.