මෙන්න අලුත්ම බදු ෆයිල් ටික

  • By editor
  • June 8, 2023
  • 0
  • 137 Views

දේශපාලනයට පිවිසෙන සියලු දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණ නාමයෝජනා භාර ගැනීමේ දී එය ආරම්භ කරන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ඊට අමතරව අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද බදු ගොනු ආරම්භ කිරීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

පසුගිය දා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ චක්‍රලේඛය මගින් බදු ගෙවිය හැකි යැයි අපේක්ෂිත කාණ්ඩ 14කට ගොනු විවෘත කිරීම අනිවාර්ය කළ අතර බදු ගොනුවක් විවෘත කිරීම බදු ගෙවීම අනිවාර්ය කිරීමක් නොවන බව ද අවධාරණය කළේ ය.

රජය බලයට පත් වන අවස්ථාවේ 80% – 20% ලෙස පැවැති වක්‍ර සහ ඍජු බදු අනුපාතය මේ වන විට 70%-30% මට්ටමට රැගෙන ඒමට හැකිවී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසර අවසන් වන විට එම අනුපාතය 60%-40% මට්ටමට රැගෙන ඒම රජයේ අපේක්ෂාව බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *