මෙන්න මේ පාසල් වලට සදුදා නිවාඩුයි 

  • By editor
  • November 8, 2023
  • 0
  • 49 Views

දිවාලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා (13) විශේෂ නිවාඩුවක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදබණ්ඩි රමේෂ්වරන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ලලිත් යූ ගමගේ මහතාගෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීම පිළිගනිමින් මධ්‍යම පළාතේ දෙමළ පාසල් ලබන සෙනසුරාදා (18) දිනයේ අධ්‍යාපන කටයුතු සඳහා සඳුදා නිවාඩු දිනය වෙනුවට පාසල් දිනයක් ලෙස පැවැත්වීමට කටයුතු කරන බවට, ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *