ගාල්ල බන්ධනාගාරයෙන් මතු වූ මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව වාර්තා වේ.
ගාල්ල බන්ධනාගාරයේ ද එක් පුද්ගලයෙකුට පමණක් මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බව පරීක්ෂණ හරහා තහවුරු වී ඇති බව ද වාර්තා වේ.
එමෙන්ම කොළඹින් වාර්තා වූ අනෙක් රෝගියාත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සුව අතට පත් වෙමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා සදහන් කරයි.
ඇතැම් මාධ්‍යය හරහා ‘මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය කොළඹටත් පැතිර ඇති බවට වැරදි මත ප්‍රචාරය කරන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය චෝදනා කරයි.
මේ අතර, ගාල්ල කරාපිටිය රෝහලේ දී ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණ මියගිය කුඩා දරුවෙකුට මෙම රෝගය වැළඳි ඇති බවට සැක පළ කළ ද එම දරුවාට මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් රෝගය නොතිබූ බවට පරීක්ෂණ හරහා සනාථ වී ඇත.