ඊයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් , අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර 5ක කාලයක් සඳහා නතරකරන ලෙසට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රජයෙන් ඉල්ලීමක් කළේය. මුදල් අමාත්‍යාංශය යටතේ බදු රෙගුලාසි පණත් කිහිපයක් පිළිබඳව පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, “මෝටර් වාහන සම්බන්ධයෙන් තිබෙන බද්ද පිළිබඳව කියන්න ඕන. මේකේ තියෙන්නේ සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් බදු වැඩිකිරීමක් සම්බන්ධයෙන්. මම යෝජනා කරන්නේ ඉල්ලා සිටින්නේ රජයෙන් අධි සුඛෝපභෝගී වාහන ගෙන්වන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න අවුරුදු 4කට 5කට. අධි සුඛෝපභෝගී වාහන මේ රටට අවශ්‍ය නෑ. මේ රටේ ආර්ථිකය අනුව මේ තියෙන වාහන හොඳටම ඇති. ඒ නිසා අධි සුඛෝපභෝගී වාහනවලින් තොරව අවුරුදු 5ක් වත් මේ රට ගෙනියන්න. මොකද අධි සුඛෝපභෝගී වාහනවලට යන විදෙස් විනිමය ඉතාමත්ම විශාලයි. ඒක නිසා අපේ විදේශ වත්කම් පහත වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි අධි සුඛෝපභෝගී වාහන. “
මෙරටට අධි සුඛෝපභෝගී වාහන අවශ්‍ය නෑ, ගෙන්වීම නතර කරන්න – මෛත්‍රීපාල සිරිසේන
-
By editor
- May 24, 2023
- 0
- 49 Views
You Might Also Like
-
December 5, 2023
වහාම ඇතුළේ ප්‍රශ්න විසදගන්න – රනිල්ගෙන් ගෝලයන්ට උපදෙස්
-
December 5, 2023
R. සම්බන්ධන්ගෙ පුටුවට දෙදෙනෙක් පොරකයි
-
December 4, 2023
අර්ජුන එළියට – ශවේන්ද්‍ර සිල්වා ඇතුළට – ක්‍රීඩා ඇමතිගේ අලුත් පත්වීම් මෙන්න