මෙරටින් පළාගොස් සිටින පාතාලයන් අල්ලන්න රතු නිවේදන 42ක්

  • By editor
  • February 18, 2024
  • 0
  • 70 Views

රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

මෙම 42 දෙනා අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට ගෙන්වාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සළිඳුගේ ප්‍රධාන ගෝලයෙකු වන පියුමා නමැත්තාගෙන් මෙරට කුඩු ජාවාරම් සහ භයානක අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්නකොට ඒවා විසඳීමට ක්‍රියාකරන බව ද සදහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *