මෙරපනම් ඖෂධය ලක්ෂ 11ක් තිබියදී ගෙන්වන්න යන සමාගම මෙන්න

  • By editor
  • September 26, 2023
  • 0
  • 105 Views

විශේෂ අවස්ථාවලදී ජාතික රෝහල් සහ ශික්ෂණ රෝහල් වලදී පමණක් භාවිතා කරන ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයක් වන මෙරපනම් (Meropenem) ලක්ෂ 11ක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්වස්ථා දත්ත පද්ධතියේ තිබියදී හදිසි මිලදී ගැනීම් යටතේ slim pharmaceutical සමාගමෙන් තවත් ඖෂධ තොගයක් ලබාගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සුදානම් වන බව වාර්තා වේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම කරුණු වාර්තා කළේය.

මීට පෙර රුපියල් 894 ක ට ලබාගත් ඖෂධය හදිසි මිලදී ගැනීම යටතේ රුපියල් 1895 ක ට ලබාගෙන සැලසුම් කර ඇත. ඒ අනුව එන්නත් කුප්පි ලක්ෂ පහක් මෙලෙස ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් කෝටි අටක් වේ. ඒ මඟින් විශාල අලාභයක් සිදු විය හැකි බව වෛද්‍ය චමල් සංගීත පැවසීය.

මේ ආකාරයට මෙම වසරේ දී මෙම මෙරපනම් ඖෂධය අවස්ථා කිහිපයක දී හදිසි මිලදී ගැනීම් ලෙස මිලදී ගෙන ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. ප්‍රතිජීවක ඖෂධය ඇතුළු තවත් ඖෂධ වර්ග කිහිපයක් හදිසි මිලදී ගැනීම් ලෙස ලබා ගන්නා ලෙසට සෞඛ්‍ය ඇමතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පවසා ඇත. මෙම ප්‍රතිජීවක ඖෂධ නිරන්තරයෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් විද්‍යාත්මක විමර්ශනයක් සිදුකළ යුතු බවත් අධික මිලකට යළිත් වරක් ප්‍රතිජීවක ඖෂධ මිලදී ගැනීම ගැන විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් වෛද්‍ය චමල් සංජීව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *