මේ වසරේදී වෛද්‍යවරුන් 957 ක් සේවයෙන් අයින් වෙලා

  • By editor
  • September 23, 2023
  • 0
  • 112 Views

මෙම වසර තුළ පමණක් වෛද්‍යවරුන් 957 ක් සේවයෙන් ඉවත් වී ඇති බව කෝපා කමිටුවේ දී හෙළි වී තිබේ.

ඒ අනුව වසර 05ක නිවාඩු ලබා විදෙස්ගත වීම, සේවයෙන් ඉල්ලා අස්වීම, දැනුම් දීමකින් තොර ව සේවයෙන් ඉවත් වීම හා නියමිත සේවා කාලය සම්පුර්ණ විමෙන් පසු විශ්‍රාම ගැනීම යන කරුණු හේතුවෙන් මේ වසර තුළ සෞඛ්‍ය සේවාවට වෛද්‍යවරුන් 957 දෙනෙකු අහිමි වී ඇති බව කමිටුව හමුවේ පෙනී සිටි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සම්බන්ධයෙන් ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට කෝපා කමිටුව රැස් වූ අවස්ථාවේ වෛද්‍ය ජී.විජේසුරිය මේ බව කියා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *