මෛත්‍රීගේ ප්‍රකාශය ගැන පුදුම වෙන්නේ නෑ – සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්

  • By editor
  • March 27, 2024
  • 0
  • 47 Views

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පුදුම විය යුතු දෙයක් නොවන බව කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව මුල සිටම කතෝලික සභාවේ ස්ථාවරය වී තිබූ බව ද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරය හුවා දක්වමින් බලය ලබාගැනීමට කටයුතු කළ ද ඔහු බලය ලබාගත් විගස සිදු කර තිබෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ සියල්ල අවුල් වියවුල් කිරීමට කටයුතු කිරීම බව ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මෙම සාකච්ඡාවේදී සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *