පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන යන පිරිසට එරෙහිව පැවති නඩුවට අදාළව ගෙවීමට නියම වූ සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වී ඇති බැවින් ඔවුන්ගේ වත්කම් බැරකම් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව ඔවුන්ගේ වත්කම් බැරකම් 2023 දෙසැම්බර් 30 වැනිදාට පෙර දිවුරුම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.