මෛත්‍රී ගැන දයාසිරි වමාරයි – ඔට්ටු දැමූ ඇමති ගැනත් හෙළි කරයි

  • By editor
  • September 14, 2023
  • 0
  • 229 Views

ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මේ වනවිට දැඩි මානසික කම්පනයෙන් සිටින බව දයාසිරි ජයසේකර සදහන් කරයි.

ඊට හේතුව වන්නේ මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ තවත් අපරාධ කිහිපයකට අදාළ නඩු කිහිපයක් පවතින බැවින් ඔහුව අත්අඩංගුවට පත් වේ යැයි බියෙන් පසුවන නිසා බව ද හෙතෙම පෙන්වා දේ.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ සදහන් කර තිබේ.

මෙම තත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ආණ්ඩුවේ ඇමතිධුර ලබාගත් පිරිස කටයුතු කරමින් සිටින බවත් මෙම තත්වය තුළ සභාපති සිරිසේන ඔවුන්ට අවශ්‍ය ලෙස ක්‍රියාකරමින් සිටින බවත් ජයසේකර සඳහන් කරයි.

එසේම තම ශ්‍රීලනිප මහලේකම් ධූරය සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලූ අමාත්‍යවරයා ලසන්ත අලගියවන්න බව ද ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *