මෝඩාභිමානයේ දී මෝඩ කතා කියූ නතාෂා රිමාන්ඩ්

  • By editor
  • May 28, 2023
  • 0
  • 112 Views

පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් විය.

පසුගිය සෙනසුරාදා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පැවති ප්‍රහසන වැඩසටහනකදී අදාළ තරුණිය විසින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් කිහිපයක් සිදුකර තිබුණි.

එම ප්‍රකාශයන් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඊට බොහෝ දෙනෙකුගේ විරෝධය එල්ල වීමත් සමග ඇය ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් ද සිදුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *