යුක්තියට බියෙන් පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් නිමල් ලාංසාගේ පතලක සැගවිලා – පොලිස් අත්අඩංගුවේදී සියල්ල වමාරයි 

  • By editor
  • January 3, 2024
  • 0
  • 173 Views

මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුමෙන් භීතියට පලාවිත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතාට අයත් ලග්ගල, වලස්ආර රක්ෂිතයේ පිහිටි පතල් වාඩියක සැගව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂකාර්‍ය බලකාය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී මත් කුඩු මිලි ග්‍රෑම් 4300ක් ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී අදාල පතල පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා මහතාට අයත් බවට සදහන් කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මාතලේ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීට ලැබුණ තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *