යුක්තිය මෙහෙයුම පෙන්නලා හොරකම් කළ හමුදා සෙබළු 04ක් අත්අඩංගුවට

  • By editor
  • January 5, 2024
  • 0
  • 91 Views

යුක්තිය මෙහෙයුම යටතේ විමර්ශන සිදු කරන බව පවසමින් වෙළෙඳසලක් කොල්ල කෑ නාවික හමුදා සෙබළුන් සිව් දෙනෙකු වැල්ලවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුක්තිය මෙහෙයුම යටතේ වෙළඳසල් පරීක්ෂා කරන බව පවසමින් පැමිණි පිරිසක් සිය වෙළෙඳසලෙන් රුපියල් හය ලක්ෂ හැත්තෑ දහසක මුදලක් සහ ජංගම දුරකථනයක් කොල්ල කෑ බවට වැල්ලවත්ත ප්‍රදේශයේ වෙළඳසලක හිමිකරුවෙකු ඊයේ (03) පස්වරුවේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලට අදාළ ව එම ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයන් සිව් දෙනෙකු වැල්ලවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, ඔවුන් නාවික හමුදා සෙබළුන් බවයි.

මෙම සැකකරුවන් සිව් දෙනා සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළෙකු ද කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ වී ඇති අතර, සැකකරුවන් වෙළෙඳසලට ඇතුළු වී ඇත්තේ, එම සෙබලාගේ හැඳුනුම්පත ඉදිරිපත් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *