යුක්‍රේන ගුවන් නියමු පුහුණුවට ප්‍රංශයේ දොරටු විවර වේ

  • By editor
  • May 16, 2023
  • 0
  • 58 Views

යුක්‍රේනයේ ප්‍රහාරක ගුවන් නියමුවන් පුහුණු කිරීමට තම රට උපකාර කරනු ඇතැයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් සදහන් කරයි.

යුක්රේනයට ප්‍රහාරක යුද ගුවන් යානා ලබාදීම බැහැර කළත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ප්‍රංශ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි සිය ප්‍රංශ සංචාරයේදී එරට ජනාධිපති එම්මානුවෙන් මැක්රන් හමුවීමෙන් අනතුරුවය.

රුසියාවට එරෙහිව ප්‍රහාර දියත් කිරීම සඳහා යුක්රේන ප්‍රහාරක ගුවන් නියමුවන් පුහුණු කිරීමට සිය රට මෙන්ම තවත් යුරෝපානු රටවල් කිහිපයක්ම සූදානම් බවත් ප්‍රංශ ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *