යුද හමුදාපති හාල් වලින් තව හයමසක් ඉන්න හදයි

  • By editor
  • October 11, 2023
  • 0
  • 366 Views

යුද හමුදාවේ පරිපාලන ප්‍රශ්න රුසක් ඉතිරිව තිබියදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුමි ලියනගේගේ ප්‍රමුඛ රාජකාරිය වී ඇත්තේ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායකට හාල් සැපයීම බව “සතියට” වාර්තා වේ.
මෙසේ යුද හමුදාපතිවරයා සාගල රත්නායකගේ දේශපාලනය අවශ්‍යතා සඳහා හාල් සපයන්නේ තමන්ට කන්න තිබෙන හාල් බව සෙබළු චෝදනා කරති. පසු ගිය කාලේ යුද හමුදාව විසින් කෘෂිකර්ම හා පශු සම්පත් යනුවෙන් බළකායක් ආරම්භ කර වසවිස නැති ගොවිතැන් කටයුතු ඇරැඹුවේ සෙබළුන්ට අවශ්‍ය හාල් ,එලවළු හා පළතුරු සපයා ගැනීමටය.

එනමුත් යුද හමුදාපතිගේ නියෝගයෙන් එම ද්‍රව්‍ය තෝරා ගත් පිරිසකට පිරිනමන බවත් මාතර ගංවතුර කියමින් එහි ජනතාවට දීමට සාගල රත්නායකට හාල් කිලෝ දස දහසක් දී ඇති බව සඳහන්ය. යුද හමුදාපති මෙසේ සාගල රත්නායකට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඔහු ලවා ජනපතිගෙන් තවත් හය මසක සේවා දිගුවක් ගැනීමටදැයි. හමුදාවේ ජේ‍්‍යෂ්ඨ නිලධාරීන් අතර කතාබහක් ඇති වී තිබෙි.

සාගල මින් පෙර පාර්ලිමේන්තුවට පත්වුණේ මාතරින් වන අතර ඔහුගේ ගම මාතරය. තමා නියෝජනය කරන දිස්ත්‍රික්ක කිපයක් හදිසි ආපද්‍ර තත්ත්වයක් තිබියදී යුද හමුදාපති මාතරට පමණක් ගියේ සාගල මාතර නිසාදැයි දේශපාලන කේෂ්ත්‍රයේ කතාබහට ලක්ව තිබේ
යුද හමුදාපතිවරයා මාතරට බෙදන්නට හාල් දුන්නට සාගල රත්නායක මිළඟ මහ මැතිවරණයට තරග කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව එජය ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *